කෝටියක් පමණ වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට

0
165

NEWSNOW| –   රුපියල් කෝටියක් පමණ වටිනා ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු , ඒවා  කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී , ඊයේ 23 දින පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි රුසියානු ජාතික තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකි.

මොහු මීට අමතරව  මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර , සකස් කර , ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බවද හෙළිවී ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල නම්fප තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ , නිදා ගැනීමට භාවිතා කරන කොට්ටයක් තුළ , මෙසේ අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 50 ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඔහු ඊයේ (23) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලබන 29 දින තෙක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම අවසර ලබා ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
( කටුනායක – ටි.කේ.ජී.කපිල)