තායිවාන පාර්’ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක්

0
129

NEWSNOW| –  තායිවාන පාර්’ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්’තා කරයි.

ඒ ප්‍රධාන විපක්ෂය වන ක්වාමින්ග්ටාන් පක්ෂය යෝජනා කළ නව කෙටුම්පතක් මුල් කරගෙනය.

මතභේදයට තුඩු දී ඇති විපක්ෂයේ යෝජනා මගින් අධිකරණ පද්ධතියේ සංශෝධන මෙන්ම නුසුදුසු රජයේ නිලධාරීන් ධුරයෙන් පහකිරීම සම්බන්ධ නව නීති හඳුන්වාදී තිබුණි.

කෙසේ වුවද පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය පවසන්නේ යෝජිත නීති එරට ව්‍යවස්ථාවට පටහැනි බවය.

ඒ අනුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්’භයට ඇතුළු වීම වැළැක්වීමට විපක්ෂය කටයුතු කර තිබුණි.