මියන්මාර් සරනාගතයි රැගෙන පැමිණි නෞකාවේ සිටි කාර්’ය මණ්ඩලය බන්ධනාගාරයට

0
220

NEWSNOW| – මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ලබන 31 වනදා දක්වාය.

අදාළ යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගත්තේය.

එය ඊයේ (20) දිනයේදී ත්‍රිකුණාමල වරායzස ධම්ම වෙත රැගෙන එනු ලැබීය.