රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සූදානමක් නැහැ – ජනපති කියයි

0
138

NEWSNOW| –  කිසිදු අයුරකින් රාජ්‍ය සේවය කප්පාදු කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  අද (20) පැවැති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි.

එහිදි ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය සේවය කප්පාදු නොකරන නමුත් රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා දරන වැය බර සම්බන්ධව ගැටලුවක් ඇති බවය.

මේ හේතුවෙන් එක් අධිෂ්ඨානය සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එමෙන්ම මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්’තව්‍ය සාර්’ථක වනුයේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.