NEWSNOW| – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව අප ගුවන් තොටුපල වාර්’තාකරු පවසයි.
ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්’ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය 15 දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිය, ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(17) බුද්ධගායාවද වැඳපුදා ගත්තේය.