මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ කීර්තිමත් මාධ්‍යවේදීන් දස දෙනෙකුට උපහාර

0
122

NEWSNOW| – ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLPA) සිය 69 වැනි සංවත්සර සමුළුවේදී ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ කීර්තිමත් මාධ්‍යවේදීන් දස දෙනෙකුට උපහාර පිරිනැමීය.

ඩී.එෆ්. කාරියකරවන අනුස්මරණ මාධ්‍ය සම්මාන යටතේ දයා ලංකාපුර, වී තණබාලසිංහම්, ජේ. ශීලා වික්‍රමරත්න, පී.පී.ඉලංගසිංහ, උපාලි අරඹේවල, එන්.එම්.අමීන්, ස්ටැන්ලි සමරසිංහ, එස්.සෙල්වසේකරන්, එස්. බාලසූරිය යන මහත්වරුන්ට උපහාර පිරිනැමිණි.

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ 69 වැනි සංවත්සරය සහ ඩී.එෆ්. කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය සම්මාන උළෙල අද(17) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.