හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක හමුදාව අඩු කිරීමෙන් රජයට බිලියන 1.2 ක ඉතිරියක්

0
36

NEWSNOW | – පොලීසිය විසින් සපයා ඇති ආරක්ෂාව හැරුණු කොට හිටපු ජනාධිපතිවරුන් වෙත ලබා දී ඇති සියලුම ත්‍රිවිධ හමුදා එලැඹෙන සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (17) පාර්’ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මාස 6කට වරක් කරනු ලබන ආරක්ෂක තක්සේරුවේදී ඊට අනුකූලව ආරක්ෂාව සපයනු ඇති බවය.

මෙහිදී අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයද අමාත්‍යවරයා මෙහිදි කරුණු අනාවරණය කරනු ලැබීය.

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 1,448ක් වැයකර ඇති බවය.

අමාත්‍යවරයා 2024 වසරේ දෙසැම්බර් 15 වැනිදා දක්වා ගත වූ මාස 11ක කාලය තුළ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දරන ලද වියදම් හෙළි කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් බිඳවැටීම

මහින්ද රාජපක්ෂ
•⁠ ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 328 කි
•⁠ ⁠පොලිසිය: රු. මිලියන 327 කි
•⁠ ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 55 කි
•⁠ එකතුව: රු. මිලියන 710 කි

මෛත්‍රීපාල සිරිසේන
•⁠ ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 6 කි
•⁠ ⁠පොලිසිය: රු. මිලියන 185 කි
•⁠ ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 16 කි
•⁠ එකතුව: රු. මිලියන 207 කි

ගෝඨාභය රාජපක්ෂ
•⁠ ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 258 කි
•⁠ ⁠පොලිසිය: රු. මිලියන 39 කි
•⁠ ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 10 කි
•⁠ එකතුව: රු. මිලියන 307 කි

රනිල් වික්‍රමසිංහ (මාස 3කට)
•⁠ ත්‍රිවිධ හමුදාව: රු. මිලියන 19 කි
•⁠ ⁠පොලිසිය: රු. මිලියන 60 කි
•⁠ ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 3 කි
•⁠ එකතුව: රු. මිලියන 82 කි

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
•⁠ ත්‍රිවිධ හමුදාව: වියදම් නැත
•⁠ ⁠පොලිසිය: රු. මිලියන 99 කි
•⁠ ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 12 කි
•⁠ එකතුව: රු. මිලියන 110 කි

හේමා ප්‍රේමදාස (අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ)
•⁠ ත්‍රිවිධ හමුදාව: වියදම් නැත
•⁠ ⁠පොලිසිය: රු. මිලියන 30 කි
•⁠ ජනාධිපති ලේකම් කාර්යාලය: රු. මිලියන 3 කි
•⁠ එකතුව: රු. මිලියන 32 කි

පසුගිය මාස 11 ක කාලය තුළ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව සඳහා වූ සමුච්චිත වියදම රු. මිලියන 1,448 ක් බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.