විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

0
112

NEWSNOW | – විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16 ) පස්වරු 1.00ට පැවැත්වේ.

ඒ නව කතානායකවරයා පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහාය.

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වීමට නියමිතය. පාර්’ලිමේන්තුව හෙට (17) සහ අනිද්දා(18) රැස්වීමට නියමිතය.

පාර්’ලිමේන්තුවේ හෙට පළමු කටයුත්ත ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවුදෙනා දිවුරුම් දීම කෙරෙනු ඇත. කතානායකවරයා පත්කර ගැනීම කෙරෙන්නේ ඉන් පසුවය.

නියෝජ්‍ය කතානායකවරයා මුලසුනට පැමිණීමෙන් කථානායකවරයා පත්කර ගැනීම සිදුකෙරේ. කතානායක ධූරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද නාමයෝජනා ඉදිරිපත් කෙරෙන බව වාර්’තා වෙයි.