ජනපති පිළිගන්න ඉන්දියාව සූදානම්

0
117

NEWSNOW| –  ඉන්දීය නිල සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයියෙන් පිටත්ව ගොස් තිබේ.

එළඹෙන 17 වනදා දක්වා ඔහු ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහාතාගේ පළමු විදෙස් සංචාරය ද මෙයයි.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර ඔහු පිළිගැනීමට ඉන්දියාවේ විථි වල ජනපතිගේ රුව සහිත කටවුට් මෙලෙස ප්‍රදර්ශනය කර තිබිණි.