මෙරට දරුවන්ගේ ජීවිත අනතුරේ?

0
42

NEWSNOW | – මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්’ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්’ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ “නෙක්මැක්” ආයතනය හෙළි කරයි.

එම තොරතුරු සම්බන්ධයෙන් වහාම විමර්’ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්’තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලිස් ළමා හා කාන්තා කාර්’යාංශයට නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්’යාංශය දැක්වූ කරුණු සලකා බලමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

එම කාර්’යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ, ඇමරිකාවේ පිහිටි මෙම “නෙක්මැක්” නැමති අන්තර්’ජාල ආයතනය ලෝකයේ රටවල් අටක සාමාජිකයන් ලෙස බැඳී ඇති බවය.

එහි සාමාජිකත්වය ලබාගෙන ඇති රටවල්වල දරුවන්ට අදාළ අසභ්‍ය වීඩියෝ දර්’ශන හා ඡායාරූප අන්තර්’ජාලය ඔස්සේ මුදාහැරීම සම්බන්ධයෙන් එම ආයතනය නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු සිදුකරන බව සඳහන්ය.

එම සොයාබැලීම් කටයුතු සිදුකරන අතරතුර ශ්‍රී ලාංකික දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කුමන හෝ පරිගණක උපාංගයක් හරහා මුදාහැර තිබෙන බවට එම ආයතනයේ “නෙක්මැක්” මෘදුකාංගයක් මඟින් සොයාගෙන ඒ බව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව එම කාර්’යාංශයට වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය හා සමාන පැමිණිලි රැසක් මේ වනවිට තම අංශය වෙත ලැබී ඇති බැවින් තවදුරටත් එවැනි පැමිණිලි ලැබෙමින් පවතින බව එම කාර්’යාංශයට අධිකරණයට දැනුම් දුන්නේය.

එසේ පැමිණිලි රැසක් ලැබෙමින් පවතින නමුත් මෙම සිද්ධියට අදාළව කිසිදු වින්දිත දරුවෙක් මෙතෙක් සොයාගෙන නොමැති බව එම කාර්’යාංශය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවී ඇත.