ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට

0
47

NEWSNOW | – ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිපදෙනෙකු මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවය.

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් අදාළ සහල් තොග ඇනවුම් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එම තොග දිවයිනට ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

මෙරට පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ආනයනකරුවන්ට ඍජුවම සහල් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

ඒ අනුව සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 04 වන දින සිට 20 වන දින දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් විශේෂ ගැසට් නිවේදනයක් ද රජය විසින් නිකුත් කරනු ලැබීය.