Home ක්‍රීඩා ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්’ග
NEWSNOW | – රජයේ දැනුම්දීම් නොසලකා හරිමින් ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්’ ගැනීමටත් ඔවුන්ගේ සහල් මෝල් රජයට පවරා ගැනීමටත් ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
ජනතාවගේ සහල් අයිතියට අත තියන්න එපා යයි ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා සහල් ව්‍යාපාරිකයන්ට තදින්ම කියා සිටියේය.
ඒ අතර සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබා ගන්නැයි, ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව ඊයේ (08) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
ඒ අනුව දින 10 ක් දෛනිකව සහල් මෝල් පරීක්ෂා කරන බව, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් නිෂ්පාදන ආයතන 8 ක්, ඊයේ(09) පරීක්ෂාවට ලක් කර ඇත.
අරලිය, නිව්රත්න, නිපුන, ලක් සහල්, මේනක, හිරු, ජයවික්‍රම සහ වීහේන යන සහල් නිෂ්පාදන ආයතන දිගින් දිගටම පරීක්ෂා කරන බව, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.