සිරියාවේ ඩාරා නගරය කැරලිකරුවන් අතට

0
47

NEWSNOW| – සිරියාවේ පාලනයට එරෙහිව සටන් වදින කැරලිකරුවන් විසින් ඩාරා නගරය අල්ලා ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාඩ් ගේ පාලනයෙන් ඩරා නගරය ගිලිහී ගොස් තිබේ.

එරට ජනාධිපතිවරයාට එරෙහිව 2011 වසරේදී අරගලය ආරම්භ වූයේ මෙම නගරයේ බව සඳහන් ය.

ඒ අනුව සතියක් තුළදී එරට හමුදාව ට අහිමිවූ සිව් වැනි නගරය එය වෙයි.

නගරයේ සිටි හමුදා නිලධාරීන්ට පසුබැසීමට හැකිවන ලෙස අවස්ථාව ලබා දීමට කැරලිකරුවන් එකඟ වී තිබුණි.

එම නගරයේ සිට සිරියාවේ අගනගරය වන ඩමස්කස් නගරයට ඇත්තේ කිලෝ මීටර් 100ක පමණ දුරකි.

ජෝර්දාන දේශසීමාවට ආසන්න මෙම නගරයේ 100,000ක පමණ ජනගහනයක් වෙසෙති.

කැරලිකරුවන් විසින් සිය මෙහෙයුම් පසුගිය නොවැම්බර් 27 වනදා ආරම්භ කළ අතර ඔවුන් මේ දක්වා එරට ප්‍රධාන නගර වන ඇලෙප්පෝ සහ හාමා සිය ග්‍රහණයට ගෙන තිබේ.