විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

0
41

NEWSNOW | – විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත භාර දීමට නියමිතය.

විදුලිබල මණ්ඩලය පවසයින්නේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය.

පසුගිය ආණ්ඩුව සමයේ වාර්’ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට යෝජනා වී තිබුණි.

එහෙත් 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්’ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණි.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේ ඉදිරිපත් වන යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදුකෙරෙණු ඇති බව සඳහන් ය.

අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත එම යෝජනාව ලබන වසරේ ජනවාරි මස තුන්වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට හැකියාව පවතී.