රේණුක පෙරේරා ඇප මත නිදහස්

0
130

NEWSNOW | – අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත.

ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා, අද (5) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.