අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක්

0
213

NEWSNOW | – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එස්. මුතුමාල පත් කර තිබේ.

ඇය මින් පෙර එම දෙපාර්’තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී සිදුකළ අතර, මින්පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස්. දෙහිදෙණිය එම තනතුරින් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස පත් කර ඇත.