අමෙරිකානු රාජ්‍ය දෙපාර්’තමේන්තුවේ සහකාර ලේකම්වරයා දිවයිනට

0
114

NEWSNOW | – අමෙරිකානු රාජ්‍ය දෙපාර්’තමේන්තුවේ දකුණු සහ මධ්‍යම කටයුතු කාර්’යාංශයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

ඉන්දියාව සහ නේපාලයේ සංචාරයක නිරත වන අතරතුර ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ලූ මහතා අනිද්දා (05) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

කාලාපීය සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්’ධනය කිරීම සදහා දකුණු ආසියාවේ ප්‍රධාන හවුල්කරුවන් සමග සහයෝගිතාව ශක්තිමත් කිරීම ඩොනල්ඩ් ලූ මහතාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

මෙම සංචාරය තුළ ශ්‍රී ලංකාවේ නව රජයේ ප්‍රධානීන් සමග ආර්’ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්’ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්’තමේන්තුව පවසයි.