ජාතීන් අතර මිත්‍රත්වය සුහදත්වය ඇති කිරීමේ අරමුණින් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති වැඩ භාර ගනී

0
210
NEWSNOW | – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මොහොමඩ් මුනීර් මහතා අද(28) පෙරවරුවේ වැඩභාර ගත්තේය.
ඒ නො :40 බුද්ගමුව පාර, ශ්‍රී ජයවර්’ධනපුර කෝට්ටේ පිහිටි ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේදීය.
මෙහිදී සියළු ආගමික නායකයින්ගේ අශිර්’වාදය මැද මොහොමඩ් මුනීර් මහතා වැඩභාර ගත්තේය. මෙම අවස්ථාවට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වන නීතිඥ, හර්’ෂණ නානායක්කාර මහතාද එක්ව සිටියේය.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යුගයේ අවශ්‍යතාවයක් වන ජාතීන් අතර මිත්‍රත්වය සුහදත්වය ඇති කිරීමට කැපවීමෙන් වැඩ කරන බවයි.