නවක මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථය පාර්’ලිමේන්තු පොකුණට වැටෙයි

0
171

NEWSNOW| –  ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහගේ මෝටර් රථය අද (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරට ලක්ව තිබේ.

නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වැඩ මුළුවට සහභාගි වෙමින් සිටි නිහාල් අබේසිංහ රැගෙන ඒමට ඔහුගේ රියදුරා මෝටර් රථය පාර්ලිමේන්තුවට රැගෙන එමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුරින් රියදුරාට කිසිදු හානියක් වී නැති අතර පාර්ලිමේන්තු සේවකයන් විසින් ඔහු ආරක්ෂිතව ගොඩට ගෙන එනු ලැබ ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය සමග වැහි අඳුර හේතුවෙන් පාර නොපෙනී යාමෙන් මෝටර් රිය මෙසේ ජල පොකුණට වැටෙන්නට ඇතැයි සැක කෙරේ.