ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

0
235

NEWSNOW| – ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) පස්වරු 9.00 සිට හෙට පස්වරු 9.00 දක්වා ක්‍රියාත්මක බව එම සංවිධානය පැවසුවේය.

එම දිස්ත්‍රික්ක මෙසේය.

බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ⁠ඇල්ල, ⁠පස්සර, ⁠හාලිඇල, ⁠මීගහකිවුල, ⁠බදුල්ල, ⁠ලුණුගල,

ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම, ⁠ඇල්පිටිය, ⁠නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල,

මහනුවර දිස්ත්‍රික්කය  උඩුදුම්බර, ⁠උඩපලාත, ⁠දෙල්තොට, ගගවට කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය – බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය – අඹන්ගග කෝරළය, ⁠රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල, මාතලේ

මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, හගුරන්කෙත, වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත