අදානි සහ ඔහුගේ බෑණාට ඇමෙරිකාවෙන් සිතාසි

0
43

NEWSNOW| –  කෝටිපති ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකාවේ සුරැකුම්පත් සහ විනිමය කොමිසම මඟින් සිතාසි නිකුත් කර තිබේ.

ඒ එල්ලවී ඇති අල්ලස් චෝදනාවලට අදාළවය.

විදෙස් වාර්’තා පැවසුවේ, එමෙන්ම ඔහුගේ බෑණනුවන් වන ‘Adani Green’හි විධායක අධ්‍යක්ෂ සාගර් අදානිට ද එම චෝදනා සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර ඇති බවයි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමේ අරමුණින් ඉන්දීය නිලධාරීන් වෙත අල්ලස් ලබාදී ඇති බවටත්, අමෙරිකානු ආයෝජකයින් ඇතුළු ජාත්‍යන්තර ආයෝජකයින් මුලාකර ඇති බවටත් ඔවුන්ට චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව දින 21 තුළ නිව්යෝර්ක් හි අධිකරණයක් වෙත වාර්’තා කරන ලෙසට අමෙරිකාව ඔවුන්ට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.