NEWSNOW| – මෙම සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.24ක් ලෙස සටහන් විය.
එය 1.63%ක වැඩිවීමක් ලෙස පෙන්නුම් කරයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 75.17ක් ලෙසය.
එය 1.27%ක වැඩිවීමක් ලෙස පෙන්නුම් කරයි.