පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

0
33

NEWSNOW | – අද(21) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.