ජාතිවාදී දේශපාලනයකට ආයි කිසිදු ඉඩක් නැහැ. අන්තවාදී ක්‍රියාවලට යළිත් ඉඩක් නැහැ – ජනපති කියයි

0
65
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙහිදී සියලු ජනතාව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් විශ්වාසයට ස්තූතිවන්ත වෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ශ්‍රී ලංකාව තුළ තනි පක්ෂයක් රට පාලනය කිසිවිටෙකත් අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
එනිසා සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා වග වෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනතාවගේ වගකීම මේ වනවිට ඉටුකර අවසන්. මේ මොහොතේ සිට ජනාධිපතිවරයා වශයෙන් තමා ජනතාවගේ වගකීම සම්පූර්’ණයෙන් භාරගන්නා බවත් මැතිවරණ ව්‍යාපාරයෙන් එක් අරමුණක් වෙනුවෙන් අපි ගොඩනැගුණු බව පසක් කර අවසන්. බව ද පැවසු ජනාධිපතිවරයා යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බව ද පැවසීය.
එමෙන්ම කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
අයවැයෙන් අස්වැසුම අධාර වැඩි කරනවා
දුප්පත් බව තුරන් කිරීම සඳහා ලබන අයවැයෙන් අස්වැසුම සාධාරණ පංගුවකින් වැඩි කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්’ලිමේන්තුවේදී පැවසීය.
“ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්’ථිකයක් අප බලාපොරොත්තු වෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්’ලිමේන්තුවේදී පැවසීය.
“අප රට අලුත් තලයකට ඔසවා තබනවා නම් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය යුතුව තිබෙනවා.
එමෙන්ම අප ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ජනාධිපති කාර්’ය සාධක බලකායක් පිහිටුවනවා.එය සිදුවන්නේ පරිසරය සම්බන්ධයෙන් පමණක් නොවේ.යහපත් රාජ්‍යයක් සඳහා පුරවැසියන්ගේ යහපත් පරිවර්’තනයක් අවශ්‍යයි.
ඒ නිසා යහපත් ආකල්ප වලින් යුතු පුරවැසි පරපුරක් ගොඩනැගිය යුතුයි.ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණ එයයි.
සිනහවක් තිබෙන අනෙකා දෙස ලෙන්ගතුව බලන සමාජයක් අවශ්‍යයි.
ප්‍රධානම අභියෝගය වන්නේ දුප්පත් බව තුරන් කිරීමයි අප කිසිවකුත් වසර දහසක් ඉවත්වන්නේ නැහැ.සැමට ආ ආහාර වේලක් අධ්‍යාපනයක් නිවසක් මානසික නිදහසක් සහිත වටපිටාවක් අවශ්‍යයි.
දුප්පත් බව තුරන් කිරීම සඳහා ලබන අයවැයෙන් අස්වැසුම සාධාරණ පංගුවකින් වැඩි කරනවා.පාසල් පොත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක් ලබාදීමටත් කටයුතු කරනවා.
එමෙන්ම අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවකයන්ට සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදෙනවා.
ගැබිණි මව්වරුන් රක්ත හීනතාවයකින් පෙලෙනවා.ඔවුන්ට පෝෂණ ආහාර වේලක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරනවා යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සමූපකාර ජාලය ශක්තිමත් කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්’ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.”වෙළඳපලේ අත්‍යවශ්‍ය අංග කිහිපයක් රාජ්‍ය මැදිහත්වීමකින් පැවතිය යුතුයි.යළිත් සමූපකාර ජාලය ශක්තිමත් ලෙස ශක්තිමත් කරනවා.සංචාරක කර්’මාන්තය හරහා ඩොලර් බිලියන අටක ආදායමක් වසර තුන හතරක ආදායමක් අපේක්ෂා කරනවා.it ක්ෂේත්‍රයේ වෘත්තීකයන් ප්‍රමාණය ලක්ෂ දෙක දක්වා වර්ධනය කරන්නට අප කටයුතු කරනවා.එයින් ඩොලර් බිලියන පහක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා.එමෙන්ම අප රට වෙළෙඳ හා නාවික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ විභවතාවයක් තිබෙනවා”.
“ණයගැති ගොවි ජනතාවක් අපට දකින්නට සිටිනවා. අප කෘෂිකර්’මාන්තය සඳහා විශාල ආයෝජනයක් කර තිබෙනවා.නමුත් අවසන් ප්‍රතිඵලය වන්නේ ණය බරිත ගොවියෙක් බිහි කිරීමයි.ගොවි දරිද්‍රතාවය විශාල සමාජ ඛේදවාචකයක් වී තිබෙනවා.බීජ ගොවිපල දියුණු කළ යුතුව තිබෙනවා.කෘෂිකර්’ම නවෝදයක් අත්කර ගන්නේ නැතිව ගොවි ජනතාවගේ ජීවිත ගොඩගන්න බෑ.
“කෘෂි කර්’මාන්තයට තවත් සහනාධාර ලබා දෙන්න අවශ්‍ය තැන් තිබේ නම් එය ලබා දෙන්නට අප කටයුතු කරනවා. ආර්’ථික දේහයේ කඩාවැටීමට පිළියම් ලෙස කරුණු තුනක උපාය මාර්ගයක් අනුගමනය කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්’ලිමේන්තුවේදී පැවසීය.ආර්’ථික දේහයේ කඩා වැටීමට පිළියම් කිරීම සඳහා නව ආර්’ථික උපාය මාර්’ගයකින් යුතුව කටයුතු කර යුතුව තිබෙනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් ප්‍රසාරණයක් කර ගත යුතුව තිබෙනවා” .
එමෙන්ම ආර්’ථික යට ජනතාව සම්බන්ධ විය යුතු ජනතාව පිටමං කරන ලද ආර්’ථිකයකින් අපට පලක් නෑ.එසේ නැතිනම් ආර්’ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ.අප මොනතරම් නිෂ්පාදනය කළත් එහි ප්‍රතිලාභ කොටසකට පමණක් උරුම වෙනවා නම් එයින් පලක් වන්නේ නැහැ. ආර්’ථික ප්‍රතිලාභ සාධාරණ අයුරින් ජනතාවට ගලා යාමට සැලැස්වීම අපගේ ප්‍රතිපත්තියයි.IMF කාර්’ය මණ්ඩල ගිවිසුම 23දා අත්සන් කරනවා. මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්’ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය. වැරදි කරන්න හෝ අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්’ථික යෙන් උරුම කර දී නෑ.ඒ නිසා ආර්’ථිකය මෙහෙයවීමේදී හැම සියුම් දෙයක්ම විමර්ශනය කොට තීරණ ගත යුතුයි. මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නැහැ.මූල්‍ය අරමුදලේ එකඟතා අනුව අප ආර්’ථිකය හසුරවන බව දැනුම් දී තිබෙනවා.තුන්වන සමාලෝචනය ප්‍රමාද වී තිබෙනවා.මේ සතිය ඇතුළත මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා ගිවිසුමක් 23 වැනිදා අත්සන් කිරීමට හැකි වනු ඇතැයි අප සිතනවා.
පාර්’ලිමේන්තුව සැඟවුණු ගුහාවක් විය යුතු නෑ. තවදුරටත් පාර්’ලිමේන්තුව මහජනතාවට සැඟවුණු ගුහාවක් බවට පත් නොවිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය.