10 වැනි පාර්’ලිමේන්තුවේ පළමු සභා වාරයට ජනාධිපතිවරයා පැමිණෙයි

0
73

10 වැනි පාර්’ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්’ලිමේන්තුවට පැමිණියේය.

ඊට පෙර පෙ.ව 11.10 ට පමණ කථානායකවරයාගේ සම්ප්‍රාප්තිය සිදුකෙරුණු අතර පාර්’ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී කථානායකවරයා පිළි ගනු ලැබුවේ පාර්’ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසිනි.

මේ අතර පෙ.ව 11.15 ට අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදු කෙරිණි.ඉන් අනතුරුව පෙරවරු 11.20ට පමණ ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවිය.

කථානායකවරයා සහ , පාර්’ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පාර්’ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගත්තේය.

ඉන් අනතුරුව වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්’ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ජනාධිපති පාර්’ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීය.

ජනාධිපතිවරයා පරිවාර රථ වලින් තොරව පාර්’ලිමේන්තුවට පැමිණීම සුවිශේෂී සිද්ධියක් විය.ඉතා චාම් අයුරින් නව පාර්’ලිමේන්තු විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.