අශෝක රංවල මහතා කතානායක ධූරයට?

0
44
NEWSNOW| –  නව පාර්’ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්’ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්’ග පවසයි.
අද පෙරවරු 10ට 10 වන පාර්’ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) ආරම්භ කෙරෙන අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය.
පාර්’ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අද පස්වරුවේ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්’යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදි පිරිනැමීමට නියමිතව තිබේ.