සියලු වාර්’ගික සහභාගීත්වයෙන් යුත් රජයක් – ඇමති මණ්ඩලයේ තිබිය යුතුම මුස්ලිම් නියෝජනය

0
50

(ආචාර්’ය J.D. කරීම්ඩීන් සහ නීතිඥ ෆාරිස් සාලි විසිනි)

සුදුසුකම් ඇති මුස්ලිම් වියතුන් කිහිප දෙනෙකු සඳහාද ඇතැම් කැබිනට් අමාත්‍ය ධුර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුලෝපාශීලීව රඳවා ගෙන සිටින බව අප විශ්වාස කරමු. අපගේ මතය අනුව ජනාධිපතිවරයාගේ මෙම විචාරශීලී ප්‍රවේශයෙහි අරමුණ අනවශ්‍ය ලෙස හදිසි නොවී මුස්ලිම් සමූහයා අතරින් සුදුසුම පුද්ගලයන් නිවැරදිව හඳුනාගෙන ගැලපෙන ධුර වලට පත් කිරීම බවට සැකයක් නැත. මේ දිනවල සිදුවෙමින් පවතින කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ ක්‍රියාවලිය දැයේ නායකත්වයට මේ පිළිබඳ ගැඹුරු, ප්‍රවීණ සහ විවිධාංගික දෘෂ්ටිකෝණ ඇති බව දැනටමත් තහවුරු කර ඇත.

ඓතිහාසිකව ගත් කල සිරිලක නිදහස ලැබු කාලයේ සිටම මෙරට මුස්ලිම් ප්‍රජාව ලාංකේය දේශපාලනයට අත්‍යවශ්‍ය අංගයක්ව සිට ඇත්තාහ. පළමු නිදහස් පාර්’ලිමේන්තුවට (1947-1952) මුස්ලිම් මන්ත්‍රීවරුන් හය දෙනෙකු ඇතුළත් වූ අතර, ටී.බී. ඡායා මහතා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙහි හරවත් සහභාගිත්වය සඳහා වන විශිෂ්ඨ පූර්’වාදර්’ශයක් ස්ථාපිත කරමින් අමාත්‍යවරයෙකු ලෙස ප්‍රශංසනීය ලෙස කටයුතු කළේය. මෙම ඓතිහාසික සන්දර්’භය ජාතියේ දේශපාලන භූ දර්’ශනයට මුස්ලිම්වරුන්ගේ දිගුකාලීන දායකත්වය අවධාරණය කරයි.

මුස්ලිම් කැබිනට් සාමාජිකයෙකුගේ පත්කිරීම යනු හුදු සංකේතාත්මක නියෝජනයෙන් ඔබ්බට විහිදෙන්නක් විය යුතුයි. එය ජාතික සමගිය, ජාත්‍යන්තර රාජ්‍යත‍්‍රය සහ වඩාත් පුළුල් තීරණ ගැනීම සඳහා වන අනගි අවස්ථා ගණනාවක්ම ප්‍රදානය කරනු ඇති. රජයේ ඉහළම තළවලට විවිධ ඉදිරි දර්’ශන ගෙන එමෙන්, ශ්‍රී ලංකාවට එහි බහු වාර්’ගික සහ බහු ආගමික සමාජයේ සාමූහික ප්‍රඥාව වඩාත් ඵලදායී ලෙසින් උපයෝගී කර ගත හැකිය.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට රටෙහි සිටින සියලුම ජනවර්’ගවල නියෝජන ඇතුලත් කරගැනීම සැලකිය යුතු ප්‍රතිලාභ ලබා ගැනීමට ඉවහල් වනු නිසැකය. නිදසුනකට මුස්ලිම් කැබිනට් සාමාජිකයෙකුට ගැඹුරු ආර්ථික හවුල්කාරීත්වයන්, සංස්කෘතික හුවමාරුව සහ වැඩිදියුණු කළ ගෝලීය අවබෝධය සඳහා විශිෂ්ඨ ලෙසින් දායක විය හැකිය. එපමනක් නොව, මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාව එහි සියලු ප්‍රජාවන් සඳහා අව්‍යාජ ඇතුළත් කිරීම සඳහා දක්වන ‌කැපවීමද බාහිර ලෝකයාට පෙන්නුම් කරනු ඇත.

වත්මන් රජය පිහිටුවීමේ ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය මෙම මූලධර්’ම ආදේශ කර ප්‍රයෝජන නෙළා ගැනීමට අනගි අවස්ථාවක් පිරිනමයි. සුදුසුකම් ඇති මුස්ලිම් වියතූන් සහ වෘත්තිකයන් හඳුනාගෙන ඔවුන්ව රට ගොඩනැගීමේ ප්‍රධාන භූමිකාවන්ට අනුකලනය කිරීම මගින් එක්සත් හා ප්‍රගතිශීලී ශ්‍රී ලංකාවක් සඳහා වන දැක්ම වත්මන් රජයට ඇති බවේ ප්‍රබල පණිවිඩය ජගත් ප්‍රජාවට ලබා දිය හැකිය. මෙය හුදුවේ කෝටා ක්‍රමයක් ගැන සැලකිලිමත් වීමක් ලෙසින් නොව, තිබිය යුත්තේ ජාතියේ සංස්කෘතික විවිධත්වයේ පොහොසත් බව පිළිබිඹු කරන සැබෑ ‘නියෝජිත පාලන ආකෘතියක්’ නිර්මාණය කිරීමක් ලෙසිනි.

රජයක අත්‍යන්ත ඉලක්කය දේශපාලන නියෝජනය ඉක්මවා යා යුත්තක් වන අතර එය රටේ සියලූ ජන කොටස් එහි දියුණුවට තමන්වද ඇතුලත් කර ඇති බව සහ තමන්ගේ හඬටද රජය සවන් දෙන බව සහ තමන්ටද සමාන ප්‍රජාවන් ලෙසින් ගරු කරන බව දැනෙන තත්වයකි. කෙටියෙන් කිවහොත් ශ්‍රී ලංකාවේ ජනවිකාස සංකීර්’ණත්වය අව්‍යාජ ලෙස පිළිබිඹු කරන කැබිනට් මණ්ඩලයකට සමාජ ඒකාබද්ධතාවයේ, අන්‍යෝන්‍ය අවබෝධයේ සහ සාමූහික ප්‍රගතියේ ප්‍රබල මෙවලමක් බවට පත්විය හැකිය. මෙම ප්‍රවේශය ආදේශ කර ගැනීමෙන් මෙම දේශපාලන උපාය මාර්ගයකින් නියෝජනය, ජාතික සමගිය සහ හවුල් සමෘද්ධිය සඳහා අර්’ථවත් මාවතක් බවට රජයට පරිවර්’තනය කර ගත හැකිය.