කතානායක ධූරයට නිහාල් ගලප්පත්ති?

0
189
NEWSNOW | – දස වැනි පාර්’ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්’ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා යෝජනා කිරීමට රජය තීරණය කර ඇති බව වාර්’තා වෙයි.
එසේම අමාත්‍ය බිමල් රත්නායක මහතා දස වැනි පාර්’ලිමේන්තුවේ සභානායකවරයා ලෙසත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් පත් කිරීමට තීරණය වී ඇත.
නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්’ලිමේන්තු මන්ත්‍රීවරියක පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
පාර්’ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වෙන ලබන 21 වැනිදා කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුකෙරේ. කතානායක තනතුරට එක් මන්ත්‍රීවරයෙකුට වැඩි පිරිසක් යෝජනා වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වෙන බව පාර්’ලිමේන්තු ආරංචි මාර්’ග සඳහන් කරයි.