පාර්’ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද සහ හෙට විශේෂ කවුළුවක්

0
49

NEWSNOW| –  10 වන පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කර තිබේ.

ඒ පළමු සභා වාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කිරීම සඳහාය.

මේ අනුව අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කවුළුව ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර සඳහන් කළාය.

එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.