NEWSNOW | – සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ. ඒ නව කැබිනට්ටුවට මුස්ලිම් අමාත්‍යවරයෙකුද ඇතුළත් කරන ලෙසයි.
එම ලිපිය පහත දැක්වේ.
උපුටා ගැනීම,
අභිනවයෙන් පත් වූ ඔබ රජයේ ප්‍රථම කැබිනට අමාත්‍ය මණ්ඩලයට අපගේ සුභාෂිංශන එක් කරමු.
2024/ 11/14 වන දින පැවැත් වූ 10 වන පාර්’ලිමේන්තු මැතිවරණයෙන් ඔබ නායකත්වය දෙනු ලැබූ කණ්ඩායම සියලු ජනතාවගේ සහයෝගය ලබමින් ජයග්‍රහණය කළේය. අනතුරුව අද(18) දින ඔබ විසින් පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ (කැබිනට්ටුවේ) ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරගෙන රටේ ඉදිරි අනාගතයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හැකි අමාත්‍ය මණ්ඩලයක් වේවායි අප ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.
තවද එම අමාත්‍ය මණ්ඩලයේ මුස්ලිම් ජනතාවගේ අදහස් පිළිබිඹු වීම පිණිස අප නියෝජිතයකු නොසිටීම පිළිබඳ අපගේ කනස්සල්ලද ඔබ වෙත දන්වා සිටිනුයේ අපගේද අදහස් හා යෝජනා සම්බන්ධයෙන් ඔබ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව නොමැති බැවිනි. එනම් ගරු ජනාධිපතිතුමනි ඔබගේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු කරන්නේ නම් බෙහෙවින්ම අප සමාජය ස්තූතිවන්ත වෙමු.