NEWSNOW | – පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම මෙම මස 27 වන දින යළි රැස්වීමට නියමිත බව වාර්’තා වේ.
මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණය.
මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව
පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්’තා වේ.
දෙසැම්බර් මාසයේ දී මෙම අතුරු සම්මත ගිණුම පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නැහැ.
ඒ අනුව මෙම කොමිෂන් සභා රැස්වීමේ දී මැතිවරණ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්’තා වේ.