දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
192

NEWSNOW | – අද රාත්‍රී 11.30 දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 12කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම කාලය තුළ මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අංශය දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.