ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවකයන්ට නිවාඩු ලබාදීම අනිවාර්’ය බව පෞද්ගලික අංශයට දැනුම් දෙයි

0
77
NEWSNOW | – හෙට(14) දිනයේ පැවැත්වෙන 2024 මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවකයන්ට නිවාඩු ලබාදීම අනිවාර්’ය බව සියලුම පෞද්ගලික අංශයේ සමාගම්වලට දැනුම් දී තිබේ.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් ඔවුන් දැනුවත් කර ඇත.
එම චක්‍රලේඛයට අනුව සියලුම පෞද්ගලික ආයතන විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇති සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදිය යුතු අතර එම නිවාඩු වැටුප් සහිත විශේෂ නිවාඩු ලෙස සලකනු ලැබේ.
සේවකයා ගමන් කළ යුතු දුර ප්‍රමාණය අනුව නිවාඩු කාලය තීරණය කළ යුතුය.
කිසියම් උල්ලංඝනයක් රෙගුලාසිවලට අනුකූල වීමට අපොහොසත් වීම සඳහා නීතිමය පියවර ගන්නා බවට පුද්ගලික සමාගම්වලට අනතුරු අඟවා ඇත.
2024 පාර්ලිමේන්තු මැතිවරණය හෙට (14) පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා පැවැත්වේ.