මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියම් රැයින් අවසන්

0
165

NEWSNOW| –   පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ අනුව මේ ගෙවෙන්නේ නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එමෙන්ම අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල අද(12) මධ්‍යම රාත්‍රියෙන් පසුව ඉවත් කර ගත යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.