NEWSNOW| – මේ වෙලාවෙ කළ යුතු වන්නේ නෙසල්වෙන ශක්තිමත් ආණ්ඩුවක් සෑදීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු පැවසුවේ මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කළයුතු බවයි. ඒ සඳහා දේශපාලඥයා ප්‍රමිතිකරණයට ලක් කළ යුතු බව ජනාධිපතිවරයා අද(11) ගමිපහ පැවති අවසන් ජන රැළිය අමතමින් පැවසුවේය.
“නමුත් මෙතෙක් මේ රටේ සිටි දේශපාලඥයින් තමන්ට හිතු දේ කිරීමට හැකිබව සිතා සිටි බව දැන් දැන් අහු වෙන වාහන වලින් තහවුරු වෙනවා. ජනතාවට වාහන ආනයනය තහනම් කරලා දේශපාලඥයො වාහන ගෙනල්ලා තියෙනවා.එයාලට ලියාපදිංචි නොකර වාහන පාරේ දුවන්නත් පුළුවන්. හිතු හිතූ දේ මෙතෙක් කල් කරල තියෙන්නෙ.
ජනාධිපතිවරුනුත් එහෙමයි. ජනාධිපතිවරයගේ නුවරඑළියෙ නිල නිවස තියන ඉඩමේ වෙනම සේවකයො දාලා කාබනික එළවළු වවලා හැම සිකුරාදාම කොළඹට එවනවා කාබනික එළවළු ජනාධිපතිවරයට කන්න දෙන්න. ඒ විතරක්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 863යි. හිතු හිතූ විදිහට වාහන පාවිච්චි කරලා තියෙනවා.
මේ සියල්ල අපි වෙනස් කරනවා. අපිට ඕනෙ මේ රට