NEWSNOW | – හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබේ.
ඔහු ව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වනදා ය.
එම කවුන්සිලයේ සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතව ඒ සඳහා නියෝගයක් නිකුත්කර තිබුණි.
කොනීල් වෙනුවට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන හයිටි සෙනෙට් අපේක්ෂකයෙක් වන ඇලික්ස් ඩිඩියර් ව පත්කර ඇත.
එක්සත් ජාතීන් ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙක් වන කොනීල් ව හයිටියේ අගමැති ලෙස පත්කළේ එරට ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් නි.
එරට වීථි ගැටුම් සහ විවිධ සන්නද්ධ කල්ලි අතර ඇතිවූ ගැටුම් ව්‍යාප්ත වීම හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු විසඳීමේ අරමුණකින් බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
ඒ ඔස්සේ 2016ට පසු එරට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීම ඔහුට පැවරුනු ප්‍රධානතම වගකීමකි.