බදු ගෙවීමට අපොහොසත් වන ඕනෑම මත්පැන් සමාගමකට එරෙහිව නීතිමය පියවර

0
191

NEWSNOW | – මත්පැන් නිෂ්පාදකයින් පසුගිය වසරේ මේ දක්වා කාලය තුළ හිඟ බදු ප්‍රමාණය රු. බිලියන 1.8 ක් බව සුරාබදු දෙපාර්’තමේන්තුව වාර්’තා කරයි.

2024 නොවැම්බර් 30 වන විට හිඟ බදු පියවන ලෙස මත්පැන් නිෂ්පාදකයින්ට දන්වමින් සුරාබදු දෙපාර්’තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කර ඇත.

මත්පැන් සමාගම් විසින් නොගෙවූ මුළු බදු මුදල රු. බිලියන 8.5 ක් බව සුරාබදු දෙපාර්’තමේන්තුව පවසයි.

හිඟ බදු ගෙවීමට අපොහොසත් වන ඕනෑම සමාගමකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම දෙපාර්’තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.