NEWSNOW | – මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ඇති අවසන් රැලි අද(11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ අවසන් මහා රැලි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ගම්පහ නගරසභා පිටියේදී හා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සමගි ජන බලවේගයේ අවසන් මහා රැලිය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ – අලුත්කඩේ මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනහමුව තංගල්ල කාල්ටන් නිවාස පරිශ්‍රයේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.
සර්’වජන බලය පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.