ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් මැතිවරණ නිරීක්‍ෂණයට එයි

0
146
NEWSNOW | – නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්’ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.
මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් අද(11) දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත තිබේ.
යුරෝපා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිතය.