ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක්

0
37
NEWSNOW | – ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටින සංවිධානාත්මක පිරිසක් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය කාර්’ය මණ්ඩලයට සහ මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් කර තිබේ.
දුරකථන, වට්ස්ඇප් හෝ වෙනත් ක්‍රම හරහා මුදල් ඉල්ලීමට කිසිදු නිලධාරියෙකුට බලයක් නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
බැංකු ගිණුම්වලට හෝ වෙනත් මාර්’ග හරහා මුදල් මාරු කිරීමෙන් මෙම වංචාවලට ගොදුරු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්’ග දැනටමත් ආරම්භ කර ඇත.