NEWSNOW| – ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමෙන් තේරීපත්වූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර ඇත.
සභාපතිවරයා ලෙස කොළඹ තන්ත්‍රීගේ නිශාන්ත පෙරේරා මහතාත්, උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන මහතාත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් නම්කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබුණි.
ඉන් සමස්ත ඡන්ද 17,295ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත් විය.
ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධුර 15ක් හිමිවිය.
ඊට අමතරව දෙවැනි ස්ථානයට පත් වූ සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක්, තෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3ක්ද ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් හා ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් මන්ත්‍රී ධුර 6ක් හිමිවිය.