කොළඹ ගාලුමුවදොර පිටිය ගැන රජය ගත් තීරණය

0
59
NEWSNOW | – කොළඹ ගාලුමුවදොර පිටිය ආගමික උත්සවවලට අමතරව විවිධ උත්සව සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ පසුගිය රජයේ කැබිනට් තීරණයකට අනුව ගාලුමුවදොර පිටිය ආගමික උත්සව සඳහා පමණක් සීමා කළ බවයි.
කෙසේ වෙතත්, නව රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් සංචාරක උත්සව, මැයි දිනය වැනි සමරු උත්සව වැනි විවිධ උත්සව සඳහා ගාලුමුවදොර පිටිය යොදා ගැනීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.
අද(06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය හේරත් කියා සිටියේ ගාලුමුවදොර පිටියේ උත්සව සඳහා කොන්දේසි සහිතව ලබාදෙන බවයි.