NEWSNOW | – ලෝකයම බලා සිටි ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.
මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා තිබේ.
ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණයි.
ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඒ ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමිනි.
හිටපු ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවය.