ඇමරිකානු ජනාධිපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවන ලකුණු

0
38

NEWSNOW| –  2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය අනාවැකි පල කර ඇත.

එසේම බීබීසී පුවත් සේවය වාර්’තා වලට අනුව, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 265ක ජය ට්‍රම්ප්ට හිමිව ඇති බවයි.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් විසින් ඡන්ද විද්‍යාල 194ක ජය හිමිකර ගෙන ඇත.

ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඡන්ද විද්‍යාල 270ක් හිමිකර ගත යුතුව තිබේ. මේ අනුව ජයග්‍රහණයේ වැඩි ප්‍රවණතාවයක් හිමිවන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටය.