NEWSNOW| – කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කරයි.
ඒ අනුව ඔවුන් අද පෙරවරු 8 සිට මෙලෙස වර්’ජනයේ නිරත වන බව වාර්’තා වේ.
එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පවසයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වේ.
නමුදු කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම් රංග මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ අදාළ චෝදනාව එල්ල් වී ඇති විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ලබාදීමට සෞඛ්‍ය ආමාත්‍යංශය මේ වන විටත් තීරණය කර ඇති බවය.
අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා ලිඛිත දැනුම් දීම අද දිනයේ සිදුවනු ඇති බව ද කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.