NEWSNOW| – ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කෙරෙන බව රජය පවසයි.
ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය.
එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ භාණ්ඩ බද්ද දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇත.