NEWSNOW| – ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මේ අතර මෙම අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශකරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසා තිබේ.
එසේම මියගිය අයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 200,000ක් සහ තුවාල ලැබුවෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000ක ලබාදීමට බලධාරීන් තීරණය කර ඇති බව මාධ්‍ය වාර්’තා වල දැක්වේ.
හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.