තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද

0
27
NEWSNOW | – 2024 මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.
පසුගිය ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්’යාලවල දී නොවැම්බර් 07 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.