සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

0
33

NEWSNOW | – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලිය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්’තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව,නැගෙනහිර,මධ්‍යම,සබරගමුව සහ උතුරු – මැදි පළාත්වලට මිලි මිටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි.

උතුරු,නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.