රු මිලියන 50කට අම්බර් තොගයක් විකිණීමට ගිය පිරිසක් අත්අඩංගුවට

0
211

NEWSNOW | –  ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණි.

වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් සහ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සැකකරුවන් සතුව තිබී අම්බර් කිලෝ 17යි ග්‍රෑම් 234 ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.